Saturday 7th of March 2026

English Tamil
Advertiesment


සිස්ටම් චේන්ජ් එකේ තරම විදුලි බිලෙන් දැනෙන ලකුණු..!


2026-03-06 1248

 

බ්‍රහස්පතින්දා (05) නිකුත් වෙලා තියෙන 2025 වර්ෂයේ CEB මූල්‍ය වාර්තාවට අනුව 2025 අවසාන කාර්තුවේ මණ්ඩලය රුපියල් බිලියන 29ක් වැනි විශාල පාඩුවක් ලබා තිබෙනවා. මේක විශාල පාඩුවක් වෙන්නේ 2024 වර්ෂයේ 4වන කාර්තුවේ (Q4) මණ්ඩලය විසින් රුපියල් මිලියන 600ක ලාභයක් ලබා තිබෙන නිසයි.

මේ යන මාර්ගය වැරදි බවත් හරි මගට එන ලෙසත් අප දිගින් දිගටම කියා සිටියත් නෑසු කන්ව තවත් යන්නේ වැරදි පාරේය.

මෙහෙම වෙන්නේ ඇයි කියා රටවැසි අපට නිවාඩු පාඩුවේ කල්පනා කරන්න පුලුවන් දැන්.

මොකද ඊට කලින් පාර කඩිමුඩියේ ජාතිය වද වෙන එකෙන් (විජාතික කුමන්ත්‍රණ වලින්) බේරගන්න කතිරය පාවිච්චි කරපු ඔබලා, මෙවර කුමක් සඳහා ඒ කතිරය භාවිත කරේද කියා කල්පනා කරලා බලන්න. දැන් ඒ අපේක්ෂාවන් ඉටුවෙන මායිමක්වත් පේනවා ද?

කාබනික ගොවිතැනින් රටම ස්වයංපෝෂිත කරන්න ගිය හැටි මතක ද?

පොඩ්ඩක් හිතලා බලන්න.... මේ ඔබ අප වැපිරූ දේවල්වල අස්වැන්නයි.

මේ පාඩු තවත් අඩු වන්නේ නැත - මේවා තවත් වැඩි වනු ඇත.

තාමත් ගල් අගුරු වලින් සිදුවූ පාඩුව ඔබේ ලයිට් බිලට පැමිණ නැත. ඒවා ද එකතු වී පැමිණි විට පාඩුව හුණ්ඩු හෝ බුසල්වලින් මැනීමට වඩා විශාල වනු ඇත.

රුපියල් බිලියන ගණන් වලින් පාඩු වෙන රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රශ්න වලට වැඩිය - දුඹුරු සීනි කඩයක්, සමූපකාර ඡන්දයක් ලොකු කරගෙන දගලන පාලකයන් ඉබේ පත්වූයේ නැත.

අප දැන් ආයිමත් කියන්නේ - පොරොන්දු වූ මේ විදුලි බිල 30% අඩු කරන සැලැස්ම පුළුවන් නම් රටට කියන ලෙසය.

සහනාධාර කියලා දෙයක් නැති බවත්, වැඩි වෙනකොට වැඩි කරන්න ආණ්ඩු මොකටද කියපු අයට, වංචාව දූෂණය නැති කොට තෙල් ලයිට් බිල් අඩු කරන්න පොරොන්දු දුන් අයට - ඒ වගේම ඒවා විශ්වාස කල අයටත් දැන් නිවී සැනසිල්ලේ ඇත්තම විප්ලවය කරන හැටි කල්පනා කරලා බලන්න පුළුවන්.

ආ තව ටිකෙන් අමතක වෙනවා - පහුගිය අවුරුද්දේ CEB මුළු අලාභය බිලියන 38යි.

ඊට කලින් අවුරුද්දේ ඒ කියන්නේ 2024 වර්ෂයේ ලැබූ ලාභය බිලියන 141යි.

හිතාගන්න පුළුවන් නේ සිස්ටම් චේන්ජ් එකේ තරම හුණ්ඩු වලින්?

Advertiesment